Saturday, May 5, 2012

෴෴෴ඇඹරැල්ලා වලින් දෝසි ෴෴෴


අවශ්‍ය ද්‍රව්‍ය :

ඇඹරැල්ලා 1kg
සීනි 850g
කරදමුංගු ස්වල්පයක්
බුලත් කෑමට ගන්නා හුණු ස්වල්පයක්

සාදන ක්‍රමය :

ඇඹරැල්ලා ගෙඩිවල පොත්ත ඉවත්කර ගෙඩිය වටා හොදින් ගෑරුප්පුවකින් ඇනගන්න. ‍
ගෙඩි සියල්ලම භාජනයකට දමා හුණු ස්වල්පයක්ද එකතු කරන්න.
උතුරන ‍වතුර එයට වත්කර එක රැයක් පෙගෙන්නට තබන්න.
පසුදා වතු‍ර බේරාහැර ඇඹරැල්ලා වලට සීනි සහ කරදමුංගු එකතුකර ලිප තබන්න.
ඇඹරැල්ලා තැම්බෙනතෙක් මදගින්නනේ පිසින්න.
රන්වන් පැහැයට පැමිණෙන විටදී හොදින් නිවුනු පසුව බෝතලයකට අසුරා තබන්න.

(සැලකිය යුතුයි :- මෙය සාදා ගැනීමෙන් අනතුරුව අත්දැකීම් සමගින් ලියන ලදී :P :P)

No comments:

Post a Comment