Saturday, May 5, 2012

෴෴෴කරවිල වලින් අච්චාරුවක්෴෴෴

෴෴෴කරවිල වලින් අච්චාරුවක්෴෴෴

අවශ්‍ය ද්‍රව්‍ය :

කරවිල ගෙඩි 4ක්
වියලි මිරිස් 3tsp
සුදු ළූණු 1tsp
අබ 1tsp
අමු ඉගුරු 3tsp
විනාකිරි 1tbsp
පොල්තෙල්
ලුනු

සාදන ක්‍රමය :

කරවිල වල ඇට ඉවත් කර දිග අතට පෙති කපා ගන්න. මෙ‍කෙරවිල පෙති විනාකිරෙන් ලිප මත තබා තැම්බෙන්නට හැර පොල්තෙලෙන් රන්වන් පාට වනතුරු බැද ගන්න.
වියලි මිරිස්, සුදු ළූණු , අබ අ, අමු ඉගුරු , විනාකිරෙන් අබරන්න.
ඒවා උකු ගතියෙන් වැඩිනම් ඉතිරි විනාකිරි වලින් ඒ ද්‍රව්‍ය එක්කොට මදක් දියකරගන්න.
පලමුව රන්වන් පාට වනතුරු බැදගත් කරවිල වලට මෙම මිශ්‍රනය එක්කොට හොදින් කලවම් කරගන්න.
දින කිහිපයක් වුවද තබාගෙන ආහාරයට ගත හැකිය.

(සැලකිය යුතුයි :- මෙය සාදා ගැනීමෙන් අනතුරුව අත්දැකීම් සමගින් ලියන ලදී :P :P)

No comments:

Post a Comment